රට පුරා ඉන්ධන සම්බන්ධයෙන් ගන්න යන තීරණය මෙන්න..

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Oct 19, 2022 03:04 AM GMT
Report

රට පුරා ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි පිරවුම්හල්වලින් ලබා ගන්නා සාම්පල අහඹු ලෙස පරීක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මෙම පියවර ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

මෙම ක්‍රියාවලියේදී ඉන්ධන බෙදාහැරීමේ පොම්ප ද පරීක්ෂාවට ලක් කරන බවයි PUCSL සභාපතිවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now