ඇමති කාංචන දැඩි තීන්දුවක් ගන්න යයි..යළි රටේ තෙල් ප්‍රශ්නයක් ඇති වෙයි?..

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Oct 18, 2022 03:18 AM GMT
Report

ඛණිජ තෙල් පනත් කෙටුම්පතට එරෙහිව අද පාර්ලිමේන්තුවට ගෙන යන යෝජනාවට විරෝධතාවක් ලෙස කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සේවකයෝ ලෙඩ නිවාඩු දමා ඇති බව පැවසෙනවා.

කෙසේවෙතත් පසුගිය මාස 6 තුළ ඛනිජ තෙල් සේවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කර සේවාවන් කඩාකප්පල් කරන බවට අනාවරණය වුවහොත් වහාම නීතිමය හා ඊට අවශ්‍ය විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මොවුන් මෙලෙස සේවයට වාර්තා නොකළ හොත් ඉදිරියේදී යළි තෙල් ප්‍රශ්නයක් රට තුල පැන නගීද?

ජනතාව යළි කබලෙන් ලිපට වැටෙයි ද?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now