ඉන්ධන ගනිද්දි ඔබටත් මේ දේ වුණාද? අද ඉන්ධ සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Oct 12, 2022 12:55 AM GMT
Report

ඇතැම් ඉන්ධන පිරහුම් හල් වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර්තාව අද (12) ලැබෙනු ඇති බවත්, මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .

සභාපතිවරයා ඒ බව අවධාරණය කර සිටියේ, ඉකුත් දා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති, ”ඉන්ධන පිරවුම් හල් වල සිදුවන බව කියන අකටයුතුකම් පිළිබඳව පසුගිය මාස දෙක තුන තුළ පැමිණිලි 200 කට වඩා ලැබී තිබුණා .

පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා .

පාරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගියදා වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් පරික්ෂා කළා .

එක් ඉන්ධන පිරවුම්හලක පොම්ප අටක් තිබුණා . ඒ පොම්ප අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුණේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් .

ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකම ට අඩු ඉන්ධන ප්‍රමාණයක් .

එම පිරවුම්හලෙන් ඉන්ධන ලීටර් 20 ක් ලබාගන්නා සෑම පාරිභෝගිකයෙකුට ම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා .

එම අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුටයි .

මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳාම සාධාරණව නොකොළොත් අසීරුතාවයට පත් වන්නේ ජනතාවයි”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now