QR කෝඩ් නැතුව ඉන්ධන ඕනෑ තරම් ගන්න පුලුවන් අලුත්ම ක්‍රමය මෙන්න..

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Oct 10, 2022 10:56 PM GMT
Report

කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබා ගන්න ක්‍රමයක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බාධාවකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් හඳහන්වා දී තිබෙනවා.

ඒ අනුව ඕනෑම සංචාරකයකුට කටුනායක ගුවන් තොටුපොළ පිවිසුමේ සහ දිවයින පුරා පිහිටි සම්පත් බැංකු ශාඛා මගින් ඇමෙරිකා ඩොලර් 5ක් ගෙවා එම ඉන්ධන අවසර පත්‍රය ලබාගත හැකි අතර එමගින් කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ සඳහන් කරයි.

දිවයිනපුරා පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් සහ ඉන්දියානු තෙල් සමාගමට අයත් පිරවුම්හල් 500කදී එම සේවාව ලබගත හැකි බව ද ඇමති කාංචන විජේසේකර මහතා කීවේය.

ඩයලොග් පී.එල්.සී සමාගම, සම්පත් බැංකුව, ඩයලොග්, සමාගමේ තාක්ෂණික සහකාර මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සමාගම එක්ව ටච් ෆුවල් ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දී තිබේ.

අමෙරිකානු ඩොලර් 50ක අවම සහ ඩොලර් 300ක උපරිමයකට යටත්ව පිළිගත් විදේශ මුදල් එකකවලින් ගෙවා ඉන්ධන ලබැගැනීමට සංචාරකයන් එමගින් අවස්ථාව හිමිවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now