ඉන්ධන ලීටර් 1500ක් මාසයකට ලැබෙන පිරිස මෙන්න..15000km ක් ඇවිදිනව..
ගම පිළිබදව සොයා බැලීමට ග්‍රාමනිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් දහස් ගණනක් සිටියදී ගමේ ආහාර නැති පවුල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේ තවත් කාර්ය මණ්ඩලයක් පත් කරනුයේ කුමකටදැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති සහ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතා ප්‍රශ්න කර සිටී.
සිදු කළ යුතුව ඇත්තේ තව තවත් කාර්ය මණ්ඩල පත් කිරීම නොව ගමේ සිටින නිලධාරීන්ට මෙම අර්බුදයේ දී කටයුතු කිරීම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කිරීම බවත්, එහෙත් රජය ඒ සඳහා අසමත් වී ඇති බවත් සපාල කෝරලගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
කෝරලගේ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
පවුලක සාමාන්‍ය බදු මුදල රුපියල් 28000 වන බවට මාධ්‍ය වාර්ථා කරනවා.
මේක සාමාන්‍යය පවුලත් මහා පරිමාණ ව්‍යාපාරිකයෝත් ගෙවන්න අවශ්‍යයි.
මහා පරිමාණ ව්‍යාපාර වලින් එන ලාභයකින් බද්දක් ගත්තට කමක් නැහැ.
නමුත් සොච්චම් මුදලක් එදා කුලී වැඩ කරල ගන්න මනුස්සයා අද කඩේට ගියාම තමන් බදුමුදල කොයි ආකාරයකින් ද ගෙවන්නෙ කියන එක තමයි ගැටලුවකට තියෙන්නේ. මේ වන විට ආහාර හිඟයක් ගැන කියවෙනවා.
පාසල් දරුවන් ඒ වගේම පවුල් ඇතුළෙ තියන අඳෝනාව අපිට ඇහෙනවා.
මේ තත්ත්වය මත විශාල බදු මුදලක් එකතු කරල මොකක්ද කරන්නෙ? මේ බදු මුදල මොනවටද වැය කරන්නේ?
දැන් ආහාර නෑ කියලා කතා කරනකොට ජනාධිපති කාර්යාලය කාර්ය මණ්ඩලයක් පත් කරනවා ආහාර නැති අය ජනාධිපති කාර්යාලය ට කතා කරන්න කියලා.
මොන විහිලුවක්ද? ජනාධිපති කාර්යාලයේ අය මොකක්ද කරන්නෙ. කතා කරනවා ප්‍රාදේශීය ලේකම්ට ,ප්‍රාදේශීය ලේකම් ගමේ ඉන්න ග්‍රාමසේවකට කතාකරනවා.
අන්න කතා කරල අහනවා මෙහෙම කෑම නැති පවුලක් ඉන්නවාද ?
මේක නෙමේ වෙන්න ඕන. අද රටේ මේ තොරතුරු අරගෙන මේවට උත්තරදෙන වැඩපිළිවෙළක් නැහැ.
අද බදු මුදල් එකතු කරල වෙන වෙන දේවල් වලට වැය කරන්නේ.
අද සෘජුව ගමට වග කියන නිලධාරි මණ්ඩලය ඉන්නවා 5 ක්, දරුවන්ට බඩගිනි ද නැත්නම් දරුවන්ට කන්න නැද්ද, නැත්තං රැකියාවල් නැද්ද ,මේ ගමේ තියෙන තත්වය මොකක්ද කියලා කියන්න ග්‍රාමසේවක නිලධාරීන් දාහතරදාස් ගණනක් ඉන්නවා.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දහහතර දහස් ගණනක් ඉන්නවා, කෘෂිකර්ම නිලධාරීන් දාහතරදහස් ගණනක් ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාවො ඉන්නවා.
ඒ විතරක් නෙමේ මේ ඔක්කොම පාලනය කරන්න උපාධිධාරීන් දහහතර දහක් ගමට පත් කරල ඉන්නවා.
පොඩි නිලධාරී මඩුල්ලක් ද ගමේ ඉන්නේ?
මේ ග්‍රාමසේවක වසමක තියෙන පවුල් ගාන කීයද. මේ තොරතුරු ටික ගන්න බැරිද මේ ඉන්න නිලධාරී මණ්ඩලයට.
හැබැයි ගන්න වැඩපිළිවෙළක් නැහැ. ග්‍රාමසේවක සංගමයේ නිලධාරී මණ්ඩලයෙන් කියනවා අපිට වගකීමක් පවරලා නැහැ කියලා මේ ගැන.
මෙතෙන්ට ක්‍රමවේදයක් ඕනේ. අද ආහාර හිගයක් රටේ තියනවා කියලා දන්නවා. හැබැයි කෘෂිකර්ම නිලධාරීන් ගමකට එක්කෙනා ගානේ ඉන්නවා.
කොළඹ 7 ටත් ඉන්නවා කෘෂිකර්ම නිලධාරී මහත්තයෙක්. ඇතුම් නිලධාරීන් වැඩේ දන්නෙත් නැහැ ඒ පුද්ගලයට පවරලත් නැහැ , රට දන්නෙත් නැහැ. හැබැයි වැටුප් ගෙවනවා.
ක්‍රමවේදයක් නැති කම තියෙන්නෙ එතකොට මේ බදු මුදල් එකතු කරල මොනවද කරන්නේ.
චක්‍රලේඛනයක් හම්බඋනා 2022-9-9 වෙනිදා, මම බැලුවා මොකද දේශපාලඥයන්ට සාමාන්‍ය මිනිස්සු මෙච්චර කෑගහන්නෙ ඇයි කියලා.
අද රටේ මිනිස්සු මෙච්චර උද්ඝෝෂණ කරන්නේ කෑගහන්නෙ ලතෝනි දෙන්නේ, ඇමතිවරුන්ට දෝෂාරෝපණය කරන්නේ පාර්ලිමේන්තුව එපා කියලා මිනිස්සු කෑ ගහන්නේ ඇයි ?
ජනතාව විඳින දුක අද පාර්ලිමේන්තුව දන්නෙ නැහැ. ජනතාව විඳින දුක ඇමතිවරු දන්නේ නැහැ. ජනතාව විඳින දුක ජනාධිපතිවරයා දන්නෙ නැහැ.
ජනතාවට හැඟීමක් ඇති වෙනවා නම් අපේ මන්ත්‍රීවරයා ඇමතිවරයා අපි වගේම දුක් විඳිනවා කියලා, මේ උද්ඝෝෂණ මෙච්චර එන්නේ නැහැ.
දැන් සාමාන්‍යයෙන් මෝටර් සයිකලයක් තියෙන කෙනෙකුට තෙල් ලීටර් හතරයි හම්බෙන්නෙ.
මාසෙකටම ලීටර දාසයයි. සාමාන්‍යයෙන් මධ්‍යම පන්තියේ මනුස්සයෙක් කාර් එකක් පාවිච්චි කරන කෙනෙකුට මාසෙටම හම්බෙන්නෙ ලීටර් අසූවයි.
හැබැයි ඇමතිවරයෙකුට හම්බ වෙනවා මේ චක්‍ර ලේඛනය අනුව, වාහන තුනක් පාවිච්චි කරන්න. වාහන තුනක් පාවිච්චි කරනවා ඒ කියන්නේ ලීටර 500 ඒවා තුනක්.
ලීටර් 1500ක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ලීටර 1ට කිලෝමීටර් දහයක් කරන වාහන පාවිච්චි කරනවා කියමුකො, කිලෝමීටර් පහළොස් දාහක් යනවා.
කිලෝමීටර් පහළොස් දාහක් ඇමතිවරයෙක් ගමන් කරනකොට මාසෙකට වැඩ කරන්න වෙලාවක් නැහැනේ.
හිතන්න වෙලාවක් නැහැ. ජනතාවගේ දුක් ගැනවිල්ල අහන්න වෙලාවක් නැහැ .
මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් ඇමති මණ්ඩලයක් පත් කරන්න.
එක ඇමතිවරයෙක්ගෙ කාර්ය මණ්ඩලය නඩත්තු කරන්න යනවා ලක්ෂ ගණනක් මාසෙකට.
ඇමතිවරයාගේ වාහන තුනට තවත් ගණනක්. මේ අයට කෑම වේලක් කන්න පුළුවන් රුපියල් තුන් සීයට පාර්ලිමේන්තුවේ.
ඊයෙ රුපියල් සීයක් වැඩි කරල. මේවා දැක්කහම තමයි මිනිස්සු කෝප වෙලා කෑ ගහන්නේ.
ඒක නිසා අපි ඉල්ලන්නේ මේ ජනතාව විඳින දුක ජනතාවගේ බඩගින්න දැනගන්න අවශ්‍යයි අමාත්‍යවරුන් .
ඒ නිසා මේ තත්ත්වයට විසඳුම් වශයෙන් වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ඇමතිවරු තේරුම් අරගෙන ඇමති මණ්ඩලය සීමා කරල වරප්‍රසාද සීමා කරන්න ඕන.
ජනතාවත් එක්ක මැති ඇමතිවරුන්ද දුක් විඳිනවා කියන හැඟීමක් ඇති වෙනකන් මේ උද්ඝෝෂණ රැල්ල මේ අරගල නවත්තන්න බෑ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |