ඉන්ධන සම්බන්ධයෙන් මහ රෑ ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Oct 03, 2022 11:06 PM GMT
Report

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසයි.

මේ අතර ඩීසල් හරහා රුපියලක පමණ ලාභයක් පැවතියද මිල පහත දැමීමට එය ප්‍රමාණවත් නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පෙට්‍රල් මිල පහළ දැමුවද ඩීසල් මිල පහළ නොදැමීම පිළිබඳව හේතු දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

"ලෝක වෙළෙඳපොළේ තිබෙන සිංගප්පූරු ෆ්ලැට් ඇවරේජ් එක ගන්නේ සහ ආනයනික මිල ඩීසල් සඳහා රුපියලක පමණ දැන් අපිට ලාභයක් තියෙනවා.

නමුත් අපිට රුපියල් 10කින් 15කින් අඩු කරන්න බැහැ. මොකද එහෙම අඩු කළොත් එහෙම, අපිට ඊළඟ අවශ්‍යතා වෙනුවෙන් ඉන්ධන ටික ගන්න මුදල් ටික නැති නිසා.

එතකොට අපිට පෙට්‍රල් වල මිල අඩු කරන්න පුළුවන් වුණේ, පෙට්‍රල් වල රුපියල් 70ක විතර ලාභයක් තිබුණා පසුගිය කාලයේ පෙට්‍රල් ආනයනය කිරීම තුළින්.

නමුත් බොරතෙල් මිල මත පමණක්ම ඉන්ධන මිල තීරණය කරන්න බැහැ මොකද අපේ සම්පූර්ණ අවශ්‍යතාවය අපේ පිරිපහදුවෙන් අපි පිරිමහ ගන්නේ නැති නිසා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now