තෙල් නැති හේතුව ගැන විශේෂ හෙළිදරව්වක්..ඉදිරියේදී කුමක් වෙයි ද?..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Aruna
පිරවුම්හල් හිමියන්ගෙන් හෙලිදරව්වක් ඉන්ධන මිලදීගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමග ඉන්ධන ඇනවුම් අඩුවී ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල්වල ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බවය. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.
මේ අතර බවුසර් රථ ධාවනය සඳහා තෙල් ලබාගැනීමට තවමත් නිසි ක්රමවේදයක් සකස්කර නොමැති බවද ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය පැවසීය.
ඊයේ(30) දිනයේද කොළඹ අවට පිරවුම්හල් රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර බොහෝ සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසාදමා තිබුණි.
බස් රථ ධාවනයේ ද ඊයේ යම් අඩුවක් දක්නට ලැබුණු අතර රියදුරන් පවසන්නේ නොකඩවා ධාවනය කිරීමට ප්රමාණවත් තරම් ඉන්ධන නොලැබෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |