අද තෙල් ගහන වාහන හිමියන්ට විශේෂ පණිවුඩයක්..!!

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 24, 2022 02:30 AM GMT
Report

වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද (24) දිනයේත් සිදු කරයි.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලැබේ.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරයි.

මේ අතර QR කේතයට අනුව හෙට (25) සිට දිවයින පුරා ඉන්ධන ලබාදීම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ වන විටත් කේතය අනුව ලියාපදිංචි වූ ප්‍රමාණය ලක්ෂ 30 ඉක්මවා ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඉන්ධන ලබාදීම සඳහා සතියට දින හතම වාහනයේ ලියාපදිංචි අංක වලට වෙන් කර ඇතත් ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා දෙන්නේ සතියට දින දෙකක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන්නේ සතියකට දින දෙකකදී ලීටර 13200 පමණක් බවයි.

එසේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබා නොදී පෝලිම් අවසන් කළ නොහැකි බව ද හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now