ඉන්ධන ලබා ගැනීමට ගෙනාපු අලුත්ම ක්‍රමය මෙන්න...
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන් ඇතුලුව සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල නිරතවන්නන් මෙන්ම තවත් අංශ කිහිපයකට ඩීසල් සැපයීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා.
ලියාපදිංචි අපනයනකරුවන්, සංචාරක සේවා සපයන්නන්, බලපත්‍රලාභී විදුලි සංදේශ සේවා සපයන්නන් සහ විදුලි උත්පාදන සමාගම් ඩීසල් සැපයීම සඳහා නියාමන රාමුව තුළ ලියාපදිංචි කිරීමටයි ලංකා IOC සමගම සැලසුම් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් වන කොන්දේසි කිහිපයක් එම සමාගම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
1. ඩීසල් සැපයීම සඳහා මාර්ගගත ලියාපදිංචි කිරීමේ පෝරමය සියලුම අයදුම්කරුවන් විසින් අනිවාර්යයෙන් පිරවිය යුතුයි. සියලුම අයදුම්කරුවන් පෝරමය සම්පුර්ණ කර, අවශ්‍ය ලියකියවිලි සමඟ එය මාර්ගගතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනවා.
2. ඩීසල් සැපයීම සඳහා වන ක්‍රමවේද අනුගමනය කරන ලෙසට අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
3. ලීටරයක සැපයුම් මිල කාලානුරූපව වෙනස් වීමට යටත් වන අතර මෙම නිවේදනයේ සඳහන් වන දින සිට බලාත්මක වනු ඇති.
මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
වැඩි විස්තර මෙතනින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |