තව සති 02 කින් පස්සෙ ඉන්ධන ලබාගන්න අලුත් ක්‍රමයක් - ඇමති දන්වයි..

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Jun 17, 2022 12:42 AM GMT
Report

එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

පුද්ගලයෙක් ලියාපදිංචි වන පිරවුම්හලෙන් අවම වශයෙන් මාසකට නියමිත ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 60 ක් හෝ ලබාගත හැකි ආකාරයට සළාක ක්‍රමය සකස් කරන බව කී අමාත්‍යවරයා ඉතිරි ඉන්ධන ප්‍රමාණය වෙනත් පිරවුම්හකින් ලබාගත හැකි ආකාරයට සකස් කරන බව ද සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now