ඉන්ධන බෙදාහැරීම ගැන අලුත්ම ආරංචියක්..තෙල් මිලත් ඉහළ යයි..
අද (15) දිනයේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සභාපතිවරයා පවසනවා.
මේ අතර ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගත වූ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඊයේ (14) ඇමෙරිකානු ඩොලර් 111 යි ශත 55 ක් ලෙස සටහන් වුණා.
පසුගිය 10 වනදා එය ඇමෙරිකානු ඩොලර් 101 දක්වා පහත වැටුණු අතර, අනතුරුව පෙන්නුම් කළේ, අඛන්ඩ ඉහළ යාමක්.
මේ අතර මෙරටට ආනයනය කරන ලද මෙටි‍්‍රක් ටොන් 3500ක ගෑස් නෞකාවකට ගෙවීමට ඩොලර් නොමැති බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරනවා.
ඒ හේතුවෙන් එම ගෑස් තොගය නිදහස් කරගැනීමට නොහැකිව දින කිහිපයක්ම මුහුදේ නවතා ඇති බවද සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ගෑස් තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් මේ දක්වා එම සාකච්ඡා සාර්ථක වී නැත.
අද දිනයේදීද රට පුරා ප‍්‍රදේශ ගණනාවක ගෑස් ලබා ගැනීම සදහා ජනතාව පෝලිම්වල සිටින අතර ඇතැම් ප‍්‍රදේශවල විරෝධතාද පැවැත්විණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |