IOC ඉන්ධන සැපයුම තවත් වැඩි කරයි

By Sewvandhi Jun 30, 2022 12:26 PM GMT
Report

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සිට දිවයින පුරා සිදු කෙරෙන බෙදාහැරීම් ජාලයට අමතරව තවත් බවුසර් රථ යොදා ගනිමින් සිය සැපයුම් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසනවා.

අද දිනයේ දී දිවයිනේ සියලු ම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බවට එම සමාගම දැනුම් දුන් බවයි පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඊයේ දිනයේ දිත් අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් 150කට පමණ ඉන්ධන ලබා දීම සිදු කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තවදුරටත් අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් නො කිරීමට තීරණය කිරීමත් සමඟ යි. ඒ අනුව ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල උණුසුම් තත්ත්වය ද මතු වූයේ ජනතාව හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now