බලහත්කාරයෙන් ඉන්ධන පිරහුම් හලකට ඇතුළු වූ පිරිසක් යකා නටයි..(VIDEO(
Sri Lanka
Strike Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
කුරුඳුගහහැතැම්ම ඉන්ධන පිරවුම්හලට කිසියම් පිරිසක් විසින් පහරදී අලාභහානි සිදුකර තිබේ. අදාළ පහරදීමේන් ඉන්ධන පිරවුම්හලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. අදාළ පහරදීම සම්බන්ධයෙන් එහි සේවකයෙකු මෙසේ අදහස් පළ කළේය.
"ඊයේ රෑ 10.30ත් 11.30ත් අතර, අපි මෙතන කාමරේ ඉන්නකොට එ් ගොල්ලෝ ඇවිල්ලා කිව්වා තෙල් දෙන්න කියලා. අපිට තෙල් නෑ. ඒ අය කියනවා ඔයගොල්ලන්ට තෙල් නැත්තේ මොකද ඉස්සරහ කඩෙන් අපිට පෙන්නුවා තෙල් ගහනවා. කෑන්වලට දෙනවා. අපිටත් දීපල්ලා. මරණවා උඹලට ගහනවා කියලා තර්ජනය කළා. ඊට පස්සේ අපි කිව්වා තෙල් නෑ කියලා. අපිට ගහන්න ආවා. අපිට ගහන්න බැරි තරහට පොම්ප දෙකට ගැහුවා."
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |