ජනතාවට දිනකට ලබාදෙන භූමිතෙල් ප්‍රමාණය සීමා කෙරේ..! දිනක් සදහා ලබා දෙන ප්‍රමාණය

Fuel Price In Sri Lanka Sri Lanka Economic Crisis Kanchana Wijesekera
By Sewvandhi May 06, 2022 10:50 AM GMT
Report

පාරිභෝගිකයෙකු සඳහා ඉන්ධන පිරවුම්හලකින් දිනකට භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා

. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක්ද ඉදිරිපත් කළ යුතු බවයි.

එසේ නොමැතිව භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙතින් නිකුත් කිරීමට අවසර ලබා නොදෙන බවද එහි සඳහන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ, රට තුළ ඉන්ධන ප්‍රවාහය තුළ පවතින දෝලනාත්මක වාතාවරණය තුළ මෙම තීරණය ගත් බවයි.

රට තුළ පවතින අර්බුදකාරී මෙන් ම හිඟ වූ ඩොලර් ගැටලුවත් සමග මේ වනවිට බලශක්ති අර්බුදය ඔඩුදුවා ඇති තත්ත්වයකට පත්ව ඇති බව විද්වතුන් විවිධ අවස්ථාවල දී පෙන්වා දුන්නා.

එවන් තත්ත්වයක් තුළ ඊයේ (05) දිනයේ දී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, ත්‍රිරෝද රථ, වෑන් රථ ආදී රථවාහන සඳහා ලබාදෙන ඉන්ධන සීමාවකට ලක් කරන බවයි. මෙවන් වාතාවරණයක් තුළයි භූමිතෙල් ලබාදීම වෙනස් කරමින්, මෙම තීරණය ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now