ඉන්ධන පිරවුම්හල් වසා දැමේ - අර්බුධය තවත් දරුණු අතට..? තෙල් පෝලිම් තවත් දීර්ඝ වන ලකුණු..
සිය ගෙවීම් ඉහළ නංවන ලෙස බලකරමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට කටයුතු කළේය. මේ හේතුවෙන් කොළොන්නාව නිමාවේ අද ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික බවුසර් රථ දක්නට ලැබුණේ නැත.
මුතුරාජවෙල ඛනිජතෙල් පර්යන්තයේද අද (01) තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුනොකෙරුණු අතර ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වූ ඇතැම් බවුසර් රථහිමියන් බවුසර් පර්යන්තයෙහි නවතා එහි එන්ජිම් රැගෙන ගොස් තිබුණි.
ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනය හේතුවෙන් අද බොහෝ ඉන්ධන අලෙවි සැල් වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණි. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ මෙම වර්ජනයට සහය පළ කරමින් IOC ඉන්ධන පිරවුම්හල්ද වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණි.
අසාමාන්‍ය ලෙස ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව තම ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට රජය පියවර නොගතහොත් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව වර්ජකයින් පවසයි. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයේ, සමලේකම්, ඩී.වී ශාන්ත සිල්වා මහතා පවසා සිටියේ,
"ඉන්ධන මිල වැඩිවීමත් සමග අපගේ ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ මිල සුත්‍රයක් තියෙනවා. ඒ අනුව මෙය ක්‍රියාත්මක කරන්න. මෙවර අසාමාන්‍ය ලෙස වැඩිවුණා. ඒ එක්කම වාහන අමතර කොටස් 300%කින් විතර වැඩිවුණා. අපිට දරා ගන්න බැරි තත්ත්වයක් මේ තියෙන්නේ. අපිට නිසි ප්‍රවාහන ගාස්තුවක් නොලැබුණොත් අපි මේක දිගටම ගෙනියනවා." යනුවෙනි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබුණේ, සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සියලුම සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන බවය.
එසේම ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබා ගැනීමට නොහැකි වූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයේ, සමලේකම්, ඩී.වී ශාන්ත සිල්වා මහතා පවසා සිටියේ, "බලපත්‍රයක් අරන් ධාවනයට එක්කරන්න අඩුම තරමේ මාස 6ක් වත් ගත වෙනවා. මං හිතන්නේ ඇමතිතුමාව නොමඟ යවලා නිලධාරීන්." ලෙසය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |