බලශක්ති ඇමතිගෙන් හදිසියේම විශේෂ තීරණයක්..!

Fuel Price In Sri Lanka Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka Kanchana Wijesekera
By Sewvandhi Apr 30, 2022 02:11 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා තීරණය කර තිබේ.

සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කර ඇත. අද (30) දිනයේ සවස 4 වනවිට ඉන්ධන බවුසර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් තොග වෙළෙඳපොළට අඛණ්ඩව නිකුත් කරන අතර එම ඉන්ධන ප්‍රමාණවත් තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පෙට්‍රල් 95 සීමිත තොග වෙළඳපොළට නිකුත් කරන බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now