බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි..? ඉන්ධන අර්බුදයේ නවතම තත්ත්වය..

bus Sri Lanka diesel Fuel crisis
By Sewvandhi Apr 02, 2022 08:12 AM GMT
Report

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් අද (02) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ එම ඉන්ධන ගොඩබෑමෙන් අනතුරුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට කටයුතු සැළසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් සති අන්තයේ දිනයක් වුව ද දිවයිනේ ප්‍රදේශ රැසකම අද පෙරවරුවේත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර ඩීසල් අර්බුදය හමුවේ අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සිදුවන්නේ සියයට 10 ක ප්‍රතිශතයකින් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික බස් රථ භූමිතෙල් යොදාගෙන ධාවනය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now