පෙට්‍රල් පෝලිමට ගිහින් ගෙදර ආපු විදිය.. පුද්ගලයෙක්ට වුණු හතර බීරි වැඩේ..

By Sithumi May 28, 2022 05:28 PM GMT
Report

පෙට්‍රල් ලබා ගැනීම සඳහා මෝටර් රථයෙන් පෝලිමේ සිටියදී පුද්ගලයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව නෙත් ගොසිප් වෙත තොරතුරු වාර්තා වෙනවා. 

කොළඹට නුදුරු පිරවුමහලකට ගොස් ඇති ඔහු පෙට්‍රල් බවුසරය එනතුරු පැය ගණනාවක්ම පෝලිමේ සිට තිබෙනවාඑහෙත් පෙට්‍රල් පැමිණීමට ප්‍රමාද විම නිසා පෝලිමේදී හමුවූ තවත් හිතවතුන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් බෝතලයක් පානය කිරීමට පිරිස පෙළඹ ඇති අතර අවසානයේදී එය මහ මඟ සාදයක් දක්වා දුර දිග ගොස් ඇත්තේ බෝතල් තුන හතරක්ම හිස් වන තැනට පත් කරවමින්. 

 කෙසේ වෙතත් තරමක් රෑ වන විට ඔහුට සිහිවී ඇත්තේ වේලාසනින් ගෙදර නොගියොත් අදත් බිරිඳගේ දෝෂාරෝපණයට ලක් වීමට සිදුවන බවයි. 

 එම නිසාම රාත්‍රීයේදී ධාවනය වන අවසන් බස් රථයෙන් නිවස බලා ඔහු පිටත්ව ගොස් ඇති අතර ඔහු දුටු බිරිඳ පුදුම වී ඇත්තේ ,පෙට්‍රල් ලබා ගැනීමට දහවල් කාලයේදී මෝටර් රථයෙන් ෂෙඩ් එකට ගිය පුද්ගලයා රාත්‍රී කාලයේදී හිස් අතින් පැමිණෙනු දැකීමෙනි. කෙසේ වෙතත් බිරිඳගේ කෑ ගැසීමත් සමඟ සිහි එල්වා ගත් ඔහු හිතවතෙකුගේ යතුරු පැදියක නැගී යළිත් පිරවුම්හල වෙත ගොස් තිබෙනවා.