දින ගණනාවක් ඉන්ධන පෝලිම් වල නවතා තිබූ වාහන වලට සිදු වූ දේ

Badulla Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 18, 2022 07:48 AM GMT
Report

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාවට දිවා රෑ නොබලා දින ගණනාවක් තිස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමට සිදුවී තිබේ.

බදුල්ලේ ඉන්ධන පිරවුම්හල් අසල දින ගණනාවක සිට නතර කර තිබු රථවාහන අද වනවිට පණගැන්වීමට නොහැකි ආකාරයෙන් කාර්මික දෝෂවලට ලක්වී ඇති බවද වාර්තා විය. 

එම රථවල රියදුරන් පවසන්නේ දින ගණනක් සිය රථ නවතා තැබීම හේතුවෙන් එහි බැටරි මෙලෙස දෝෂවලට ලක්වී ඇති බවය.  මෙවන් පසුබිමක අතුරුගිරිය IOC ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (17) රාත්‍රියේ දිගු ඉන්ධන පොලිමක් පැවතුණි.

කෙසේවෙතත් එහි ඉන්ධන අවසන්වීමත් සමග පොලීසිය හා ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පිරිසක් අතර ගැටුමක් ඇති විය. එහිදී පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුරුව පොලීසියට පහරදීමේ සිදුවීම  සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඇරැව්වල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ ද ඊයේ රාත්‍රියේ ඉන්ධන අවසන්වීමත් සමග නොසන්සුන්තාවයක් හටගත්තේය.

ඒ එම පිරවුම්හලෙන් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට රජය ලබාදී ඇති සීමාවන්වලට වඩා ඉන්ධන නිකුත් කිරීමත් සමග ඉක්මණින් එහි ඉන්ධන අවසන්වී තිබීම හේතුවෙනි. අනතුරුව තත්ත්වය පාලනයට යුද හමුදාව ද කැඳවනු ලැබීය. පසුව තවත් යුද හමුදා කණ්ඩායමක් කැඳවීමත් සමග පිරිස විසිරගොස් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now