යළිත් බස් ධාවනය ඇනහිටින ලකුණු - බස් හිමියන්ගේ සංගමයෙන් විශේෂ ඉල්ලීමක්..!

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 17, 2022 08:37 AM GMT
Report

එළෙඹෙන සතියේ සිට දිවයින පුරා බස් රථ ධාවනය 50%කින්වත් සිදු කිරීමට අද(17) දිනයේ ලංකාවට පැමිණි ඩීසල් නෞකා වලින් පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන නිකුත් කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු ප්‍රකාශ කර සිටියේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හරහා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙසටයි. එසේම අද දිනයේ දිවයින පුරා බස් රථ ධාවනය වෙන්නේ 5%කටත් අඩු සංඛ්‍යාවක් බවයි ඔහු පවසන්නේ.

පසු ගිය දින කිහිපය තුළ දිවයින පුරා බස් රථ ධාවනය සිදු වුයේ 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා. ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සදහා සීමිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීම නිසා මේ තත්ත්වය උද්ගතවී ඇති බවයි පැවසෙන්නේ.

එම නිසා හෙට (18) දිනයේ සිට පැහැදිලි ක්‍රමවේදයක් ඔස්සේ පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස අදාල ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි කොළඹ අද (17)පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now