මෙරට ඉන්ධන පිරවුම්හල් ගැන අලුත් ආරංචියක් - විශේෂ ගිවිසුමක් අත්සන් තබයි..!
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Sri Lanka
Petrol diesel price
Fuel Price In World
By Sewvandhi
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ එක්සත් ජනපදයේ RM Parks Inc අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ.RM Parks Inc යනු පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයකි.
මෙලෙස අත්සන් තැබූ ගිවිසුමට අනුව Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.
මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවයි, ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
එසේම ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බවයි.