ඉන්ධන සම්බන්ධව ඇමතිගෙන් විශේෂ නිවේදනයක්..

Fuel Price In Sri Lanka Sri Lanka Politician Kanchana Wijesekera Fuel Price In World National Fuel Pass
By Aruna Jul 23, 2023 07:32 AM GMT
Report

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඊට අමතරව රජය සතුව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක්ද අද පෙරවරුව වන විට පවතින බව වාර්තා වනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය සති කිහිපය තුළ රජය සතු ඉන්ධන සංචිතයේ යම් අඩුවීමක් තිබුණද එය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.