ඩීසල් සම්බන්ධයෙන් අලුත්ම ආරංචියක්..වැඩේ වෙන්නෙ මෙහෙමලු.
බූමිතෙල් හා ඩීසල් වෙළෙඳ පොළට නිකුත් කිරීම සීමා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ, ඛනිජ තෙල් සංස්ථාවේ ඇති තෙල් තොග කළමනාකරණය කිරීම සඳහා එලෙස සීමාසහිතව ඩීසල් සහ භූමිතෙල් නිකුත් කරන බවයි.
ඊළඟ ඩීසල් නෞකාව පළමුවැනි දා මෙරටට ළඟා වන බවත් ඉන් පසුව තවත් ඩීසල් නෞකාවක් 14 වැනිදා සහ 16 වැනිදා අතර පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩීසල් තොග ඇත්තේ තවත් දින පහක් වැනි කෙටි කාලයකට පමණක් ප්‍රමාණවත් වන ලෙස බවයි.
ඒ අනුව දැනට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඩීසල් භාවිතා කරමින් ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
ඉන්ධන බෙදුම් කරුවන් ගේ සංගමයද සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල්වල අවශ්‍ය තරම් පෙට්‍රල් පැවතියද බහුතරයකට ඩීසල් නැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |