මුලතිව් සමූහ මිනීවලෙන් හමුවුණ දෙය මෙන්න - 5ක් ම හම්බ වෙලා..
මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනීවලේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් හමු වී තිබෙනවා.
ඒ ඊයේ (15) දිනයේ දී ය.
ඒ අනුව එම මිනිස් ඇට සැකිලි සොයා ගැනීමත් සමග මේ වන විට එම සමූහ මිනිවලෙන් සොයා ගත් සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52ක් වේ.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් ලබා දුන් නියෝගයකට අනුව සමූහ මිනී වලේ කැණීම් කටයුතු සදහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන උපකරණ භාවිත කිරීමට අනුමැතිය ලැබිණ.
ඒ සමග මෙම මිනීවලේ මීටර් 250ක් දුරට තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් ඇති බව තහවුරු වීය.
එම මිනිස් ඇට සැකිලි වලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව් - කෝකිලායි ප්‍රධාන මාර්ගයට යටින් පිහිටා තිබීම නිසා එම මාර්ගය කඩා කැණීම් කටයුතු ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිතය.
මෙම තත්ත්වය නිසා මුලතිව් - කෝකිලායි ප්‍රධාන මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දැමීමට සිදු වේ.
ඒ වෙනුවට වෙනත් විකල්ප මාර්ග කොටසක් තැනීම කෙරෙහිද අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත්, මෙතෙක් සමූහ මිනීවලෙන් හමු වූ මිනිස් ඇට සැකිලි මුලතිව් අධිකරණයේ සුරක්ෂිත ය.