දරුවන් රැවටීමට සහ පැහැර ගැනීමට වැඩිපුරම භාවිතා කරන ක්‍රම.

Sri Lanka Child Abuse
By Wayomi May 29, 2022 04:17 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වර්තමානයේ දරුවන් ගැන අහන්න දකින්න ලැබෙන ඇතැම් සිදුවීම් ඉතාමත් ඛේදනීයයි. ඒ නිසා මේ දිනවල දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමවුපියන් නිතරම ඉන්නේ බියෙන් සහ කනස්සලෙන්. ඉතින් ඔබ දරුවන් පසුපසින්ම ඉඳ ඔවුන්ගේ ආරක්ෂාව සලසනවා වගේම තම ආරක්ෂාව සලසා ගන්න ඔවුන්ට ඉගැන්වීමත් වැදගත්. ඒකට හොඳම ක්‍රමය තමයි දරුවන් සමඟ යලුවෙකු සේ විවෘත හා විශ්වාසවන්ත සම්බන්ධතාවක් ගොඩනගා ගන්න එක.

නොමනා පුද්ගලයින් දරුවන් රැවටීමට සහ පැහැර ගැනීමට වැඩිපුරම භාවිතා කරන ක්‍රම


" එන්න පැටියෝ ඔයාව ඇරලවන්නම්..ඉස්කෝලෙට යන්න පරක්කු වෙනවා නේද පුතේ..".මෙවැනි කතා පවසමින් දරුවන් තම වාහනයට නන්ගාව ගැනීම

 " ඔයා චොක්ලට් වලට ආසයි නේද..මෙන්න චොක්ලට්, ටොෆී මම ඔයාටමයි ගෙනාවේ" කියලා කියනවා. මේක දෙවෙනි ක්‍රමය

" මට මෙතනට යන්න පාර කියනවද බබා මට පාර පෙන්නන එන්න පුළුවන්ද පැටියෝ.." කියලා ළඟට ගන්න තුන්වෙනි ක්‍රමය

" පුතේ තාත්තා කිවුවා ඔයාව එක්කන් එන්න කියලා.. පුතේ අම්මා හදිසියේම ලෙඩ වෙලා ඉස්පිරිතාලේ.. මම අවේ ඔයාව ඉස්පිරිතාලෙට එක්ක යන්න. " මේක තම හතරවෙනි ක්‍රමය.

?  පස්වෙනි ක්‍රමය තමයි, බලු පැටියා නැති වූ බව පවසමින් සොයා ගන්න උදවු කරන ලෙස පැවසීම හෝ බලු පැටියෙක්, පූස් පැටියෙක්, ලේන් පැටියෙක් පෙන්වා ඔවුන්ව සුරතල් කරන්න දරුවට ආරාධනා කිරීම.  

බහ තේරෙන වයසේ ඉඳලම මේ දේවල් වලට නොරැවටෙන විදිහ සහ පිටස්තර පුද්ගලයින්ව මඟහැර ඔවුන්ගෙන් ආරක්ෂා වන විදිහ දරුවට නිතර නිතර කියලා දෙන්න.

ඒ වගේම දරුවාට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔවුන් කියන දේ ගැන ඔබගේ පූර්ණ අවධානය යොමු කරන්න. ඔවුන්ගේ වචනය විශ්වාස කරන්න. මෙය ඔබ හා ඔබේ දරුවා අතර හොඳ විශ්වාසයක් ගොඩනැගීමට උදවු වෙනවා.