ප්‍රංශ රසට Bread රෙසිපි එකක්.
රුපියල් 300 විතර වියදම් කරලා එක පාන් රාත්තලක් ගන්න වෙලාවේ, වෙනස්ම විදිහකට පාන් කෑල්ලක රස බලමුද?. අපි පාන් හදන්නේ නිකන්ම තිරිගු පිටි ගුලිය පුච්චලානේ. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ පිටි එකටම තව රස කිහිපයක් එකතු කරලා ප්‍රංශ රසට හදාගන්න පුළුවන් French Bread ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
? පාන්පිටි කෝප්ප 2
? යීස්ට් තේහැඳි 2
? සීනි මේසහැඳි 1
? ලුණු ස්වල්පයක්
? මද රස්නෙ කිරි මිලිලීටර් 200
? තෙල් මේසහැඳි 2
සාදාගන්න ආකාරය
? පාන්පිටි වලට යීස්ට්, සීනි හා ලුණු දාලා හොඳට කලවම් කරගන්න.
? ඊලඟට මේකට කිරි ටික ටික දාලා ඩෝ එක අනාගන්න.
? ටිකකින් තෙල් ටිකත් දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
? පිටි අත්ලෙන් තද කරමින් නීඩ් කරගන්න.
? විනාඩි 8-10ක් මෙහෙම නීඩ් කරලා තෙල් ටිකක් ගාපු බෝල් එකකට දාලා උඩිනුත් තෙල් ගාලා ලන්ච් ශීට් එකකින් වහලා පැය 2ක් තියන්න.
? පැය 2කට පස්සෙ හොඳට පිපුණු ඩෝ එක අරන් තවත් විනාඩි 5ක් විතර හොඳට නීඩ් කරන්න.
? දැන් මේ ඩෝ එක දෙකට කඩලා එක කොටසක් ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් හැඩයට රෝල් කරගන්න.
?දැන් බටර් ගාගත් පෑන් එකක තියලා තවත් විනාඩි 20ක් වගේ තියලා පිහියකින් පහත රූපයේ හැඩයට කැපුම් දාගෙන යන්න.
? පාන්පිටි ටිකක් උඩින් ඉහලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |