මාධ්‍යවේදීන්ට නරක කල දසාවක් තවත් මාධ්‍යවේදියෙකු මරුට

Pakistan Gun Shooting Murder
By Piyumika May 28, 2024 12:04 PM GMT
Piyumika

Piyumika

in අපරාධ
Report

පාකිස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් තවත් මාධ්‍යවේදියෙකු මියගොස් ඇති බව වර්ත වේ.

එලෙස මියගොස් ඇත්තේ සින්දි භාෂාවෙන් පලවන දිනපතා පුවත්පතක් වන අවාමි අවාස් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ 40 හැවිරිදි වියේ පසු වු නස්රුල්ලා ගඩානිය .

CID භාර DIG පතාලෙත් එක්ක දාපු තවත් ඩීල් එකක් මාට්ටු.! - සැකකාරයොත් මාරු කරලා පරීක්ෂණත් යට ගහලා. - (VIDEO)

CID භාර DIG පතාලෙත් එක්ක දාපු තවත් ඩීල් එකක් මාට්ටු.! - සැකකාරයොත් මාරු කරලා පරීක්ෂණත් යට ගහලා. - (VIDEO)

මැයි 21 වැනි දින, යතුරුපැදියකින් යමින් සිටියදී මීර්පූර් මතෙලෝහි දී, සන්නද්ධ පිරිසක් ඔහුට වෙඩි තබා තිබුණ අතර වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි ගඩානි මියගොස් ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.මේ අනුව ඔහුගේ මරණයත් සමග මෙම වසරෙහි ගතවූ මාස 05 තුළ පමණක් එරට මාධ්‍යවේදීන් 05 දෙනෙකු ඝාතනය වී ඇත.

පාකිස්ථාන මාධ්‍යවේදීන් පවසන්නේ පාකිස්ථානයට 2024 දී නව රජයක් පත් වූ නමුත්, මාධ්‍යවේදීන්ට භාෂණ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ට රට ආරක්ෂිත ස්ථානයක් වී නොමැති බවයි.

ඊයේ පහල ගිය රන් මිල අදත් වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඊයේ පහල ගිය රන් මිල අදත් වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.

නස්රුල්ලා ගඩානිගේ මෙම ඝාතනය, රට මූල්‍යමය වශයෙන් අරගල කරමින් සිටින පසුබිමක සහ වීදි අපරාධවල භයානක වැඩිවීම් පාලනය කිරීමට අපොහොසත් වන පසුබිමක රට තුල නිදහස් භාෂණයේ සහ මාධ්‍ය නිදහසේ තත්වය පිළිබඳ දරුණු සිහිකැඳවීමක් කරන බවට එරට මාධ්‍ය දේශපාලන විචාරකයින් උපුටා දක්වමින් පවසා සිටී.

යුක්තියේ මෙහෙයුමෙන් ඇල්ලූ රැජිණ..

යුක්තියේ මෙහෙයුමෙන් ඇල්ලූ රැජිණ..

කෙසේ නමුත් ගඩානිගේ මරණය සමස්ත ජාතිය කම්පනයට පත් කර ඇති අතර,මෙයින් කෝපයට පත් පිරිස් විරෝධතා ද පවත්වන බවට වාර්තා වේ. එමෙන්ම නස්රුල්ලා ගඩානිගේ ඝාතනයට සම්බන්ධ වූවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ උපන් ගම්මානයේ පැවති අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක් ජනතාව එක්ව සිටි බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%