පවුල් ලක්ෂ 29ක් සදහා නොමිලේ සහල්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Mar 26, 2023 05:26 AM GMT
krishani

krishani

in ආහාර
Report

හෙට (27) දින සිට අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29ක් සදහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙවර මහකන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී මේ සඳහා යොදාගන්නා බව එම අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව මුල් අදියර යටතේ දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට සහල් බෙදාදීම සිදුවනු ඇත.

කෙසේවෙතත්, හෙට දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුකොළපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශවල දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join