පාසල් ළමුන්ගේ ඇබ්බැහි වීමක් නිසා ගෙනාව දුම්වැටි තහනම..

France
By krishani Sep 16, 2023 04:28 AM GMT
Report

"පෆ්" ලෙස හැඳින්වෙන ඊ - සිගරට් තහනම් කිරීමට ප්‍රංශය සූදානම් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජර්මනිය, බෙල්ජියම සහ අයර්ලන්තය ඇතුළු යුරෝපයේ තවත් රටවල් කිහිපයකම මේ තහනම ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ හිතාමතාම යෞවනයන් ඉලක්ක කර ගනිමින්, දීප්තිමත් වර්ණ සහ රසකැවිලි රසයන් රාශියක් භාවිතා කරමින් මේවා නිෂ්පාදනය කරන බවයි.

එමෙන්ම පාසල් ළමුන් මෙම සිගරට්ටුවට වැඩි උනන්දුවක් සහ ආසාවක් ඇති බැවින් ප්‍රංශය මෙම තහනම ගැන තීරණය ගෙන තිබෙනවා.