ඥානසාර හිමි නිදහස ඉල්ලා විරෝධය මැද කොටුව අධිකරණයෙන් තීරණයක්

Galle Face Protest Sri Lanka Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news
By R.rishma Oct 16, 2026 06:06 AM GMT
Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට ඉඩ ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන’ සඳහා එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති. 

GalleryGallery