රජයේ රෝහලක සුපිරි වාට්ටුවක ඉන්න හිටපු අගමැතිට ලැබුණ රාජ සමාව..

Thailand
By krishani Sep 01, 2023 06:16 PM GMT
Report

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් සිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම අඩුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ වසරක් දක්වා ය.

මෙම අදාළ නියෝගය නිකුත්කර ඇත්තේ තායිලන්ත රජු විසින් ය.

තක්සින් වසර 15කට පසුව පසුගිය අගෝස්තු 22 වනදා නැවත තම මව් රටට පැමිණි අතර අනතුරුව ඔහුව සිරගෙදරට යවන ලදී.

නමුත් මේ වන විට ඔහු රජයේ රෝහලක සුපිරි වාට්ටුවක සිටී.

හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කළ අතර  එවකට තායිලන්ත අගමැතිවරයා ලෙස කටයුතු කළ තක්සින් ව හමුදා නායකයින් විසින් 2006 වසරේ දී බලයෙන් පහ කෙරිණ.

අනතුරුව ඔහුට එරෙහිව දුෂණ සහ වංචා චෝදනා එල්ල කළ අතර එම චෝදනා දේශපාලනමය කරුණු මත එල්ල කර ඇති බව ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ව්‍යාපාරිකයෙක් වන තක්සින් සිනවත් තායිලන්තයේ ප්‍රබල පුද්ගලයෙක් ලෙස සැලකෙයි.