අග්‍රාමාත්‍යවරයාගේ ධූරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්..
ඊයේ (12) දින ගංඟාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ජනතාවත්, අරගලයේ යෙදී සිටින අයගේත් මතය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම බවත් එය මේ අවස්ථාවේ වඩාත් උචිත දෙය වන බවත් ය.
තවදුරටත් රට අරාජික නොකර අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ඔහු පැවසීය.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ,
"රටේ ජනතාවත් අරගලයේ යෙදී සිටින අයත් කියන්නේ, අගමැතිතුමාත් ඉවත්විය යුතුයි කියලා.ඒ හඬට කන්දීම තමා වැදගත් වෙන්නේ.මොකද ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිතුමාට ඉවත්වෙන්න කියලා ඉල්ලීම් තිබුණා.නමුත් එතුමා ඉවත්වුණේ නෑ.එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ බරපතළ තත්ත්වය ඇති වුණේ.ඒ නිසා තව දුරටත් රට අමාරු තැනකට වැටෙන්න පුළුවන්.අරගලයේ සහ ජනතා හඬට කන්දුන්නේ නැත්නම්.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කියන්නේ ඔවුන්ගේ හඬට කන්දෙමින් හැමවිටම රජයේ වගකිව යුතු අංශවල ඉන්න අය කටයුතු කළ යුතුයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |