හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණයට.

Sri Lanka Cricket Sri Lanka
By Wayomi Sep 06, 2023 09:07 AM GMT
Report

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අඅත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතයි.

සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ අතර ඔහු මීට පෙර එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. \

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙය තමාට අපහාස කිරීමට සහ මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවයි.