අම්බලන්ගොඩ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයේ ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Cricket Gun Shooting Murder
By Wayomi Jul 17, 2024 04:47 AM GMT
Report

අම්බලන්ගොඩ බෝගහවත්ත, කන්ද මාවතේ නිවසක් ඉදිරිපිට නිවෙස් හිමියාට වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පලාගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.

එලෙස මියගියේ හිනිදුමගේ දම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නම් 41හැවිරිදි දෙදරු පියෙක්.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

 

මොහු 2002 වසරේ 19පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වන අතර පසුව ඔහු විදෙස් රැකියාවකද නිරතව සිට තිබෙනවා.

නිවස ආසන්නයේ ඇති අවමගුල් ගෙදරකට යාමට සූදානම්ව සිටි මෙම පුද්ගලයා, ඊයේ (16) රාත්‍රි 9.30ට පමණ නිවස ඉදිරිපිට ඔහුගේ යතුරුපැදිය අසල දී වෙඩි තබා ⁣ඝාතනය කර ඇත්තේ.

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)


සැකකරුවන් නිවස පිටුපස ඇති පාළු ඉඩමකින් පැමිණ බෝර 12 උණ්ඩ යොදන ගිනි අවියකින් වෙඩිතබා පා ගමනින්ම පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම ස්ථානයේ තිබී බෝර 12 උණ්ඩ කොපුවක්ද හමුව ඇත.

මියගිය පුද්ගලයා ආදාදොල මානවඩුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවත් බූරුවාපිටි මංකොල්ලකෑම්වලට සම්බන්ධයක් ඇති බවත් පොලිසිය සඳහන්.

විදෙස් රටක සේවය කරමින් සිට ඇති මොහු මීට මාස 03කට පෙර මෙරටට පැමිණ ඇති බවද වර්තා වෙනවා.

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.


ඊයේ (17) රාත්‍රියේ මහෙස්ත්‍රාත් පරික්ෂණ පවත්වා මළසිරුර බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

මෙම ඝාතනය පාතල ක්‍රියාවක්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබනවා.  

Film හෝල් එකේ සිදුවීම උඩුදුවයි. - සිනමාශාලා තුළට ජංගම දුරකථන තහනම් වෙයි. - (VIDEO)

Film හෝල් එකේ සිදුවීම උඩුදුවයි. - සිනමාශාලා තුළට ජංගම දුරකථන තහනම් වෙයි. - (VIDEO)