දේශපාලන ප්‍රබලයෙක් රිමාන්ඩ්..
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka
By krishani
අධිකරණය මඟහැර සිටි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නිතිඥවරයකු මඟින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.
ඒ කැප්පෙටිපොළ නගරයේ දී වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධිය මත ඔහු මෙලෙස අධිකරණය මග හැර ඇත්තේ.
එම නඩුව අද (20) කැඳවීමෙන් අනතුරුව එහිදී විනිසුරුවරයා විසින් දෙසැම්බර් 04 වන දින දක්වා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ.ආර්. බන්දුසේන නමැත්තා ය.