විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රජයෙන් අලුත්ම වැඩක්..

Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 28, 2022 12:35 PM GMT
Report

 විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද (28) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සමඟ එක්ව කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවයි.

මෙම නව කාර්යාලය Oversease Sri Lankan Office යනුවෙන් හඳුන්වයි. නව කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විදේශයන්හි ජීවත් වන ඩයස්පෝරා සමග සාකච්ඡා කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කැනඩා සහ එංගලන්තයේ සිටින ඩයස්පෝරා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බවත් ලාංකික සම්භවයක් ඇති විශාල සංඛ්‍යාවක් එම රටවල ජීවත් වන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බවය. මෙරට විදේශ ප්‍රතිපත්තිය වූ නොබෙදී ප්‍රතිපත්තිය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියෙන් ඉවත් නොවී රටවල් සමග ආර්ථික සබඳතා දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද පැවසීය.

මෙම වසරේ 280,000ක් පමණ පිරිස විදෙස් රැකියා සඳහා යැවීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තව දුරටත් එම සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා සංචාරක වීසා මත ගොස් ඕමානයේ රැඳී සිටි 300ක් පමණ පිරිස මෙරටට ගෙන්වා ගැනිමට හැකි වූ බවද සඳහන් කළේය. එම එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 17ක් පමණ වියදමක් දැරීමට සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now