විදෙස් රැකියා සිහිනය ගැන අලුත්ම සුභ ආරංචිය..!
කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක පිරිසක් ඉදිරි මාස හය තුළ එරටට ගෙන්වා ගැනීමට එකඟතාව පළවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සමග පැවති සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදුන් බවය.
ඒ අනුව ඉදිරි සතියේ සිට සතියකට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන්පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.
කොරියානු රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලංකාවට ලබාදෙන ලෙස මනූෂ නානායක්කාර අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේ දී සිදුකළ ඉල්ලීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිතවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |