රටවල් කිහිපයක් සඳහා රැකියාවලට යෑම තහනම් කරයි - හේතුව මෙන්න

Parliament of Sri Lanka A P Jagath Pushpakumara Sri Lanka
By Sewvandhi Nov 19, 2022 09:52 AM GMT
Report

මෙරට කාන්තාවන් ඕමානයේදී ගණිකාවන් ලෙස අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු ඕමාන් සහ ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබේ.

අද (19) පාර්ලිමේන්තුවේදී විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසුවේ අදාළ වැරදිකරුවන්ට තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ජගත් පුෂ්පකුමාර මහතා,

" මේ සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම් බලන්නේ නැහැ.. අවශ්‍ය පියවර ගන්නවා. මේ වනවිට සංචාරක වීසාවලින් යන එක නතර කරන්න අපි තීන්දු කළා."

"මෙතන පොරවල් වෙන්න කතා කරන්න පුළුවන්. ටිකට් එකක් අරන් විසිට් වීසා අරගෙන පිටරට ගිහිල්ලා.. අපේ කිසිම වගකීමක් නැහැ. අත්තනෝමතික විදිහටයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කෙසේවෙතත් අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා." 

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now