විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් අලුත්ම තීරණයක්..!

Manusha Nanayakkara Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 26, 2022 08:42 AM GMT
Report

රටේ ආර්ථිකයට දායකත්වය දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් නව සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා "මනුසවි" නමින් සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් උත්සවයේදීය.

"සමහරු විදේශ රටවල ඉන්න විදේශිකයින්ට කිව්වා අපේ ආණ්ඩුවක් එනකල් සල්ලි එවන්න එපා කියලා. හැබැයි එහෙම කෘර ප්‍රකාශ නිකුත් කරද්දි අපේ රටට ආදරය කරන, අපේ මිනිස්සුන්ට ආදරය කරන, අපේ මනුස්සකම තියෙන අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ, මනුස්සකමේ නාමයෙන් අපේ රටට ඩොලර් එව්වා. ඩොලර් මිලියන දෙසිය විසිගාණට අඩුවෙලා තිබුණ එක අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 325.4 දක්වා අපේ විදෙස්ගත ශ්‍රමිකයින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අපේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න සල්ලි එව්වා.

අද අපි වෙනුවෙන් කැපවුණ මිනිස්සුන්ට දීර්ඝ කාලයක් බලාගෙන හිටපු, මෙච්චර දවස් තෙල් ටික ගන්න, ගෑස් ටික ගන්න, බෙහෙත් ටික ගන්න අවුරුදු ගානක් අපිට උදව් කරපු අයට මෙච්චර කල් සලකන්න බැරුව හිටියා. මේ තත්ත්වය තේරුම් අරගෙන අද අපිට පුළුවන් වෙලා තියෙනවා මනුස්සකමේ නාමයෙන් විගමණික ශ්‍රමිකයින්ට සවියක් වෙන්න."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now