ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවා දමන්න පටන්ගනී..පළමු වාරිකය ගෙවයි..

Central Bank of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Bangladesh Economy of Sri Lanka
By Aruna Aug 22, 2023 03:46 AM GMT
Report

2021 වසරේ විදෙස් මුදල් හුවමාරුවක් ඔස්සේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමරිකානු ඩොලර් 50ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

බංගලාදේශ මහා බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කලේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල මෙම වසර අවසානයේ ගෙවා නිම කරනු ඇති බවත්, මෙහි තවත් කොටසක් මෙම මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇති බවත්ය.