මෙන්න ඔබත් රට යන්න හිතාගෙන ඉන්නවනම් ඔබටත් වාසියක්...

Ranil Wickremesinghe
By Sithumini Sep 03, 2024 10:20 AM GMT
Report

මේ දිනවල ආගමන විගමන දෙපාර්ථමේන්තුවෙ පවතින් පාස්පෝට් හිගය හේතුවෙන් විදෙස් ගමන් යෑමට බලාපොරොත්තු වන බොහෝ දෙනා ඉතාම දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

එවැනි පසුබිමක විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ මගින් එය කඩිනම් කිරීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

වෘත්තීය සංසදය සඳහා පැවති "ආස්ක් මී - එනිතින්ග්" විශේෂ වැඩසටහනේ දී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහාතා මෙම අදහස් පළ කළා.