විදෙස් රැකියාවලට ලියාපදිංචි වන පුද්ගලයින් ගැන නිවේදනයක්..

Sri Lanka
By Aruna Oct 10, 2022 12:17 AM GMT
Report

මේ වසර තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ ගණන ඊයේ (08) දිනය වනවිට 241,034 ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ ඉලක්කය වී ඇත්තේ මේ වසර තුළ තුන්ලක්ෂ තිස්දහසක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීමය.

මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් ගණන සාමාන්‍යයෙන් දෙලක්ෂ අසූදහසත් තුන්ලක්ෂයත් අතර ප්‍රමාණයක පවතී.

වැඩිම පිරිසක් විදේශගතව ඇත්තේ 2014 වසරේ වූ අතර එම ගණන 300,703 බව මහබැංකු වාර්තාවේ සඳහන්ය.

2016 වසරේ සිට විදෙස් රැකියා සඳහා පිටත්වීම ක්‍රමිකව අඩුවූ අතර කොවිඩ් වසංගතය බලපෑ 2020 වසරේ එම ප්‍රමාණය 53,711 දක්වා අඩුවුණි.

වී ඇත්තේ මේ වසර තුළ තුන්ලක්ෂ තිස්දහසක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීමය.

මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් ගණන සාමාන්‍යයෙන් දෙලක්ෂ අසූදහසත් තුන්ලක්ෂයත් අතර ප්‍රමාණයක පවතී.

වැඩිම පිරිසක් විදේශගතව ඇත්තේ 2014 වසරේ වූ අතර එම ගණන 300,703 බව මහබැංකු වාර්තාවේ සඳහන්ය.

2016 වසරේ සිට විදෙස් රැකියා සඳහා පිටත්වීම ක්‍රමිකව අඩුවූ අතර කොවිඩ් වසංගතය බලපෑ 2020 වසරේ එම ප්‍රමාණය 53,711 දක්වා අඩුවුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now