මේ රටවල යන අයට රතු එළියක්..මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න..
ඩුබායි රටේ රැකියා ලබා දෙන බව පවසමින් සංචාරක වීසා මගින් ඕමාන් රටට කාන්තාවන් යැවීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වනවා.
හලාවත ප්‍රදේශයේ පදිංචි අතරමැදියන් තිදෙනෙකු විසින් මෙම ජාවාරම සිදුකරන බව හලාවත – මැරවල ජනපදයේ පදිංචි 41 හැවිරිදි ලලිනි ලක්මාලි නමැති තිදරු මව පැවසුවාය.
හලාවත – වට්ටක්කල්ලියේ පදිංචි කාන්තාවක් මගින් මුන්නේෂ්වරමේ පදිංචි බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු හඳුනාගැනීමට ඇයට හැකි වී ඇත.
“පසුගිය මාසේ 18 වැනිදා තමයි මට මේ රටින් පිටත් වෙන්න තිබුණේ.
කටුනායකදී තමයි මගේ ලියකියවිලි මට ලැබුණේ.
එතකොට තමයි මම දන්නේ යන්නේ ඩුබායිවලට නෙමෙයි ඕමාන්වලට කියලා.
මට නිකුත් කර තිබෙන්නේ මාස 03 ක සංචාරක වීසා බලපත්‍රයක්.
නමුත් මගේ විදේශ සේවා නිකුත් කාර්යාංශය විසින් වසර 02 ක් සඳහා නිර්දේශ කර ඇති බව කියන මුද්‍රාව තබා තිබෙනවා.
මාත් එක්ක තවත් කාන්තාවන් කීප දෙනෙක් ඕමානයට ගියා. අපිව ඒජන්සියකට එක්කර ගෙන ගිහිං පුංචි කාමරයකට දැම්මා.
එතන කිසිදු පහසුකමක් නෑ. අලුතින් ගිය අයට අමතරව ගෙවල්වල ඉන්න බැහැ කියලා ආපු අයත් එක්ක කාන්තාවෝ 20 ක් විතර එතන හිටියා.
හරියට කෑමක් – බීමක් අපිට ලැබුණේ නෑ. සතියකට එක දවසක් විනාඩි කීපයක් ගෙදර අයත් එක්ක කථා කරන්න ලැබෙනවා.
ඊට පස්සේ මගේ සැමියා හලාවත ඉන්න අතර මැදි ඒජන්සිකරුවන් හමු වෙලා කියලා තියෙනවා මාව ආපහු ගෙනවිත් දෙන්න කියලා.
ඒ අනුව තමයි පසුගිය 30 වැනිදා මම නැවතත් ලංකාවට ආවේ.
මාව ආපසු ගෙනත් දෙන්න නම් රුපියල් 460,000 ක මුදලක් ගෙවන්න කියලා ඒජන්සිකරුවන් කියලා තියෙනවා.
ගෙදර දරුවන්ගේ පමණක් නෙමෙයි, අසල්වැසි අයගේ පවා කන – කර උකස් කරලා තමයි සැමියා ඒ සල්ලි හොයා ගෙන තියෙන්නේ.
අපි මේ බව හලාවත සහ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිළි කළා.
ඒත් මේ වන තුරු කිසිදු පිළිතුරක් නම් නැහැ. “යැයි හලාවත – මැරවල ජනපදයේ පදිංචි 41 හැවිරිදි ලලිනි ලක්මාලි පැවැසුවාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |