කාන්තාවකට ලිංගික අතවර කළ සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක්ට සිරදඬුවම්...
                                    
                    Football
                
                                                
                    Sexual harassment
                
                                                
                    Brazil
                
                                                
                    Crime
                
                        
        
            
                
                By Gagana
            
            
                
                
            
        
    ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් සිරගත කර තිබෙනවා. ඒ කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකට අදාළව වැරදිකරු වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඔහු 2022 වසරේදී බාසිලෝනා නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ල කර ඇති අතර අදාළ නඩු විභාගය අද(22) පැවැත්වූ බවට සඳහන් අල්වේස් අදාළ නඩු විභාගයේදී පවසා ඇත්තේ එම සිදුවීම දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවූවක් බවයි.
කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශය පිළිනොගත් අධිකරණය ඔහුට වසර 4 1/2ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
 
එසේම අදාළ කාන්තාවට ඩොලර් 163,000ක වන්දියක් ගෙවන ලෙසටද පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස්ට් නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.