පාපන්දු නිලවරණයට දින නියම වෙයි..!

Football Sri Lanka
By Sewvandhi Aug 10, 2023 08:49 AM GMT
Report

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් මස 16 වන දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා දින නියම කර ඇත්තේ, ශ්‍රී ලංකාවට පාපන්දු ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව උදාකරමින්ය.

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග ඔක්තෝම්බර් මස 12 වන දින ආරම්භ වීමට නියමිත අතර අවම වශයෙන් ඊට දින 10කට පෙර නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දී තිබුණි.