හිටපු ප්‍රබල පාපන්දු ක්‍රීඩකයෙක් මිය යයි..

Football Brazil
By Aruna Dec 30, 2022 01:41 AM GMT
Report

බ්‍රසීලියානු හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බඩවැල ප්‍රදේශයේ ඇති වූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බව යි පේලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝහල ප්‍රකාශ කරන්නේ.

මිය යන විට මේ සුපිරි ක්‍රීඩකයා 82 වැනි වියේ පසු වුණා. පේලේ වතාවල් තුනක දී ලෝක කුසලාන ජයග්‍රහණ කරන අවස්ථාවල දී බ්‍රසීල පා පන්දු කණ්ඩායම නියෝජනය කළා.

ඒ, 1958, 1962, සහ 1970 යන වර්ෂවල පැවති ලෝක කුසලානවල දී. පසු ව 2000 වර්ෂයේ දී ඔහු සියවසේ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුණා.

හිටපු ආජන්ටීනියානු සුපිරි පා පන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හා සම තැනක පාපන්දු වංශ කතාව තුළ පේලේව ද තබා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now