ශීතකරණයේ තැබීමට නුසුදුසු ආහාර.

Ministry of Health Sri Lanka
By Wayomi Aug 18, 2022 07:34 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ආහාර කල් තබා ගන්න හැම ගෙදරකම වගේ ශීතකරණයක් පාවිච්චි කරනවා. ඒත් ගොඩක් අය කරන වැරැද්දක් තමයි ආහාර කිව්වම අහුවෙන හැමදේම ශීතකරණයට දාන්න පුරුදු වෙලා ඉන්නවා.හැබැයි ශීතකරණය තැබීම කොහෙත්ම සුදුසු නැති ආහාර වර්ගත් තිබෙන බව ඔබ මතක තබාගත යුතුයි.

ශීතකරණය තුල ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග


අර්තාපල්

? අර්තාපල් ශීතකරණයේ ගබඩා කිරීමෙන් එහි රසය නැති වෙන අතර ඒවා ඉක්මනින් කුණුවී යනවා. ඒ වෙනුවට ඒවා කඩදාසි බෑගයක දමා සිසිල් වියළි පැන්ට්‍රි එකක ගබඩා කර තබන්න.

ළූණු

? අර්තාපල් වගේ ළූණුත් ශීතකරණයේ දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නොකළ යුතුයි. සුදුසුම ක්‍රමය ඒවා වියළි හා හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තැබීමයි.

තක්කාලි

? ශීතකරණයේ ඇති සීත ගතිය මගින් තක්කාලි වල ඇතුලත ස්වභාවය විනාශ කරනවා. ඔබේ ඇසුරුම් බඳුනක් තුළ දැමීම සුදුසුම ක්‍රමයයි.

මීපැණි

? මීපැණි නරක් නොවන නිසා ශීතකරණයක ගබඩා කරන්න ඕනේ නැහැ. නිදහස් ස්ථානයක එය අසුරා තබන්න පුළුවන්.

කෝපි

? කෝපි වලට අවට සුවඳ අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇති නිසා ශීතකරණ වල ඇති අනෙක් සුවඳ වල් ඊට අවශෝෂණය වෙනවා. ශීතකරණයේ ඇති සිසිල් බව නිසා කෝපි වල රසයත් නැතිවී යනවා.

සුදුළූණු

? අර්තාපල් සහ සුදුළූණු එක වගේමයි. සුදුළූණු ශීතකරණයේ ගබඩා කිරීමෙන් එහි අන්තර්ගත ස්වභාවය විනාශ වනවා සේම ඒවා පුස් වර්ධනයටත් ගොදුරු වෙනවා.

පාන්

? පාන් ශීතකරණයේ ගබඩා කිරීමෙන් ඒවා ඉක්මනින් නීරස වෙනවා. ඒ වෙනුවට ප්ලාස්ටික් බෑගයක හොඳින් අසුරා කාමර උෂ්ණත්වයේ තබන්න.

පීනට් බටර්

? කාබනික ආකාරයේ නම් මිස පීනට් බටර් ශීතකරණයේ තැබීම අනවශ්‍යයි. එය ඔබේ පැන්ට්‍රි එකේ මාසයක් පමණ තබා ගත හැකියි.

හාල්

? පිසූ බත් පමණක් ශීතකරණයේ තැබිය යුතුයි. වියළි සහල් ඔබේ පැන්ට්‍රි එකේ අවුරුදු ගණනක් වුවත් තබා ගත හැකියි. සුදු සහල් (සුළං නොවදින ලෙස ඇසුරුම් කර) අවුරුදු 10 කට වඩා කාලයක් හා රතු සහල් අවුරුදු 2 ට වඩා කල් තබා ගත හැකියි.

ධාන්‍ය වර්ග

? සහල් වගේම ධාන්‍ය වර්ගත් ශීතකරණයේ තැබීම අනවශ්‍යයි. ඇත්තටම ශීතකරණයේ තැබීම මගින් ඒවා පැළවීමට ඉඩ තිබෙනවා.

සෝස් සහ අබ වැනි කුළුබඩු

? මෙම කුළුබඩු වර්ග ශීතකරණයෙන් තොරව මසකට වඩා තැබිය හැකි අතර ඇසිඩ් වර්ග නිසා බැක්ටීරියා වර්ධනය අඩාල කරනවා.

තෙල්

? මී පැණි, එළවළු, ඔලිව්, පොල් සහ අනෙකුත් පිසින තෙල් වැනි බොහෝ දේ ඉක්මනින් ශීතකරණය තුළ ඝන වෙනවා. ඒ වෙනුවට පැන්ට්රියේ සිසිල් අඳුරු රාක්කයක් මත තබා ගන්න.

Melons

? කොමඩු ගෙඩියක් ශීතකරණයේ තැබීම එහි පෝෂණ ගුණයට බලපෑමක් ඇති කරන බව අධ්‍යයනයන් පෙන්වා දෙනවා.

අලිගැටපේර

? ඉදිමේ ක්‍රියාවලිය මන්දගාමී කරනවා.

කෙසෙල්

? ඉදිමේ ක්‍රියාවලිය මන්දගාමී කරනවා.

වම්බටු

? වම්බටු ගබඩා කිරීම සඳහා හොඳම ස්ථානය වන්නේ සෘජු හිරු එළියෙන් කාමර උෂ්ණත්වයයි. ප්ලාස්ටික් බෑග් වොල දාන්න එපා. දිරාපත්වීම, කුණුවීම වේගවත් කළ හැකියි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW