කවදාවත් Oven එකේ පිසීමට සුදුසු නැති ආහාර.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Aug 10, 2022 08:02 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Oven එකක් නැති ගෙදරක් දැන් හොයාගන්න නැති තරම්. හැමෝම කෑම පිසීම පහසු කරන්න oven එකක් භාවිතා කරනවනේ. ඕනෑම කෑමක් මේකේ රත් කරලා ගත්තට, oven එකෙන් පිසීම සිදු නොකළ යුතු කෑම වර්ගත් තියෙන බව ඔබ දන්නවද?

බිත්තර

🔸 oven එකේ බිත්තර තම්බද්දී ජල අණුවලින් වාෂ්ප සාදමින් පීඩනය එකතු වෙනවා. බිත්තරවල තුනී පටලයක් සහ කවචයක් තියන නිසා, ඒවාට ලොකු පීඩනයක් රඳවා ගන්න බෑ. එතකොට oven තුළ බිත්තරයක් තැබුවොත් බිත්තරය ඉක්මනින් පිපිරී යනවා.

කැරට්

🔸 oven එකේ කැරට් තම්බා රත් කළාට, පොත්ත පිටින් තියන අමු කැරට් අලයක් රත් කිරීම භයානකයි. කැරට් නිසියාකාරව සෝදා නොමැති නම් සහ අපිරිසිදු අපද්‍රව්‍ය තිබෙනවා නම්, පසෙහි තියන ඛනිජ ලවණ මගින් මයික්‍රෝවේව් උදුනේ ගිනි පුපුරක් ඇති වෙන්න පුළුවන්.

සැකසූ මස්

🔸 සැකසූ මස් කියන්නෙ පෝෂ්‍යදායී ආහාරයක් නෙවෙයි. ඒවායේ අධික ලුණු, ආදේශක, රසායනික ද්‍රව්‍ය සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා oven විකිරණ එකතු වුණාම, ඔයාගෙ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමටත්, හෘද ගැටලු ඇති වීමටත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා හැම් සහ සොසේජස් රත් කිරීමට ආරක්ෂිතම ක්‍රමය ග්‍රිල් එක මත හෝ ලිප මත රත් කිරීමයි.

ජලය

🔸 oven එකේ වතුර රත් කරන එක හරිම ලේසි වුණාට, oven එකේ ක්ෂුද්‍ර තරංග මගින් වතුර ඕනෑවටත් වඩා රත් කර, ජල අණු අස්ථාවර කරන නිසා සමහර විට පිපිරීම් පවා ඇති වෙන්න පුළුවනි.

මිරිස්

🔸 විශේෂයෙන්ම ගොඩක් සැර මිරිස් වර්ගවල කැප්සායිසින් බහුලව අඩංගු වෙනවා.. ඒවා තරමක් ගිනිගන්නාසුළු සංයෝගයක්. කැප්සායිසින් oven එකේ ක්ෂුද්‍ර තරංග වලට නිරාවරණය වුණාම, oven එකෙන් මුදා හරින ගින්න සහ දුම සමේ දැවිලි තත්වයන් ඇති කරන්න පුළුවන්.

කුකුල් මස්

🔸 කුකුල් මස් කියන්නෙ සැල්මොනෙල්ලා බැක්ටීරියාව ව්‍යාප්ත කරන්න ප්‍රසිද්ධම ආහාරයක්. විශේෂයෙන්ම කුකුල්මස් හරියට පිසිනු නොලැබූ විට, oven එකේ අමු කුකුල් මස් කැබැල්ලක් පිසූ විට, එය ඒකාකාරව සහ හොඳින් පිසීමේ ඉඩ ගොඩක් අඩුයි. බැක්ටීරියා ඔක්කොම විනාශ වෙන්නෙත් නෑ. ඒ නිසා මස් වර්ග පෑන් එකක, ග්‍රිල් එකක, සෘජු තාපයට නිරාවරණය කර හොඳින් පිස ගැනීම යෝග්‍යයි.  

තාක්කාලි සහ තක්කාලි සෝස්

ජලය 

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW