මව්කිරි දෙන කාලයේදී දුරස් වෙලා ඉන්න ඔන ආහාර ගැන ඔබ දන්නවාද ..?
ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය… ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. ඔයා යමක් කෑමට ගැනීමට පෙර, “මට එය කෑමට සුදුසුද?” “ඒවා මගේ දරුවාට බලපායිද?” කියලා දෙවරක් හිතන්න. එසේ සිතිමෙන් දරුවාට කිරි දෙන ඔබ ආහාරයට නොගත යුතු ආහාර කිපයක් පහතින්
- අන්නාසි
පැගිරි අඩංගු පළතුරු මෙන් අන්නාසිවලින් ඔබේ දරුවාට වාතය ඇතිවිය හැකි අතර,ඒ්මගින් සමහර විට ඔබේ දරුවා මවිකිරි බීම අත හරින තරම් මව්කිරි වල රසයද වෙනස්ව
- කෝපි
කෝපි වල කැෆේන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත නිසායි. වැඩිහිටියන් මෙන් නොව, ළදරුවන්ට කාර්යක්ෂමව කැෆේන් බැහැර කරන්න බැහැ. එබැවින් දරුවන්ගේ ශරීරයේ එකතු වන කැෆේන් නිසා නින්ද නොයෑම සහ කැක්කුම ඇති කරනවා. අධික ලෙස කැෆේන් පානය කිරීමෙන් මව්කිරි වල යකඩ මට්ටම අඩු කිරීමට සහ දරුවාගේ හිමොග්ලොබින් මට්ටම අඩු කරනවා. එබැවින් හොඳම විසඳුම කෝපි අඩු කිරීමයි.
- පැඟිරි පලතුරු
පැඟිරි පලතුරු වල විටමින් C අන්තර්ගතයි. කොහොම වුණත් ඔයාගේ ආහාර වේලෙන් පැඟිරි පලතුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දිනපතා දොඩම් ගෙඩි දෙකක් හෝ මිදි ආහාරයට ගැනීම හොඳයි. නමුත් දෙහි, මිදි, ලෙමන් හා දොඩම් වැනි පැඟිරි පලතුරු සම්පූර්ණයෙන්ම අත් හැරීමට ඔයා තීරණය කරන්නේ නම්, ඒ වෙනුවට පැපොල්, අන්නාසි, ස්ට්‍රෝබෙරි සහ අඹ වැනි විටමින් C බහුල ආහාර වෙනුවට ආදේශ කරන්න.
- මධ්‍යසාර
ඔබ මව්කිරි දීමේදී මත්පැන් වලින් වැලකිය යුතුය. ඒ්මධ්යසාර ඔබේ මව්කිරි වලට ඇතුල්වෙන අතර ඔබේ දරුවාට බොහෝ ගැටලු ඇති කල හැකිය.
- සුදුළූණු
සුදුළූණු සුවඳ කිරි වලටද ඇතුල් විය හැක. සමහර ළදරුවන් එයට කැමතියි. නමුත් සමහරු ඒ රසට කැමති නැහැ. කිරි දෙන අතරතුර දරුවා අපහසුතාවයට පත්වුවහොත්, සුදුළූණු එයට හේතුව දැයි පරීක්ෂා කරන්න. සමහර ළදරුවන්ට සුදුළූණු වල සුවඳ දැනුනහොත් පියයුරු ප්‍රතික්ෂේප කරනවා.
- පෙපර්මින්ට් සහ පාස්ලි
ඔයා පෙපර්මින්ට් සහ පාස්ලි අනුභව කරන සෑම විටම, ඔයාගෙ කිරි සැපයුම නිරීක්ෂණය කරන්න. ඔයාගේ දරුවා වර්ධන කාලය තුළ සිටින විට ඔහුට වෙනදාට වඩා කිරි අවශ්‍ය වෙනවා. ඉතිං ඔයාගේ කිරි සැපයුම අඩු වුවහොත් පෙපර්මින්ට් සහ පාස්ලි ආහාරයට එක් කිරීම අඩු කරන්න. පෙපර්මින්ට් සහ පාස්ලි කියන්නේ කුළුබඩු වන අතර එය විශාල වශයෙන් ගතහොත් මව්කිරි සැපයුම අඩු වෙනවා.
- රටකජු
රටකජු සමහරුන්ට ආසාත්මිකතා ඇති කරනවා. ඔයාගෙ පවුලේ ඉතිහාසය තුළ කාට හෝ රටකජු ආසාත්මිකතාවක් තිබිල තියෙනව නම් ඔයාගේ දරුවා කිරි වැරෙන තුරු රටකජු වලින් වළකින්න. රටකජු වල ඇති අසාත්මිකතාවය නිසා කුෂ්ඨ, හුස්ම හිරවීම හෝ පීඩා විඳින්නට ඉඩ තියෙනවා. රටකජු කිහිපයක් පවා ආහාරයට ගැනීමෙන් ඇතිවන අසාත්මිකතාවන් පැය 1 ත් 6 ත් අතර කාලයක මවගේ කිරි තුළට ගමන් කරනවා.
- චොකලට්
චොකලට් වලින් ඈත්ව සිටින්න. ඔයා කැෆේන් හෝ theobromine වැඩිපුර ගන්නවාද යන්න දැන ගැනීමට ඇති එකම ක්‍රමය දරුවාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි. නින්දේ ගැටලුවලින් පීඩා විඳීමට අමතරව, දරුවා අක්‍රමවත් හා ව්‍යාකූල හැසිරීම් පෙන්නුම් කරනවා නම් කෝපි සහ චොකලට් වලින් මේ කාලයේ ඇත්ව සිටින්න.
- ඉරිඟු
බඩ ඉරිඟු වලින් ළදරුවන් සහ කුඩා දරුවන්ට අසාත්මිකතා ඇති වීම බහුලව දක්නට ලැබෙනවා. ළදරුවන් තුළ අසාදන සහ කැසීම ඇති කරනවා. ඔයාගේ දරුවා බඩ ඉරිඟු වලට ආසාත්මිකතාවයක් ඇති බව පෙන්වන්නේ නම්, එය ඔයාගේ ආහාර වේලෙන් ඉවත් කරන්න.
- වාතය ඇති කරන එළවළු
ඔබටත් ඔබේ දරුවාටත් වාතය ඇති කරන ආහාර අනුභව කිරිමෙන් වලකී සිටින්න. ලූණු , ගෝවා, සුදු ලූණු ආදි ආහාර නිසා ඔබටත් ඔබේ දරුවාටත් අපහසුතාවයක් ඇති කල හැක.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |