ශීතකරණවල අලෙවියට තබා ඇති ආහාර ගැන විශේෂ අනාවරණයක්..!

Upul Rohana PHI Foods refrigerator power crisis
By Sewvandhi Mar 26, 2022 06:46 AM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසැල්වල ශීතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍ය නියමිත දිනට පෙර කල් ඉකුත්විමේ තත්ත්වයක් උදාවී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මාර්තු මස මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් එවැනි ආහාර අලෙවි කළ වෙළෙඳුන් 407කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවය.

එම නිසා ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now